අට්ඨසාලිනී අටුවාහි නිදානකථාවෙහි මහාගතිගමිය[1] තිස්ස දත්ත නම් තෙරනමක් මහබෝ වැඳීම සඳහා පරතෙර යන්නේ නැවේ උඩතට්ටුවේ සිටගෙන මහමුහුද බැලීය; එතුමාට මෙතෙර හෝ එතෙර නො පෙනුණේය; සමන්මල් විසුරූ සමබිමක් වැනි පෙණ විසිරුණු මහමුහුදම පෙනුණි. එවිට මහමූදේ රළවේගය බලවත් ද මහපට්ඨානයෙහි නයක්‍රමය බලවත් දැයි සිතන්නා වූ එතුමාට මහමූදේ තෙරක් ඇති බවත් පට්ඨාන ක්‍රමයන්ගේ කෙළවරක් නැති බවත් වැටහී මහත් ප්‍රීතියක් උපදවා එය යටපත් කොට විදසුන් වඩා රහත් වී යයි කියවේ.
විශුද්ධිමාර්‍ගයේ ඉද්ධිවිධනිද්දෙසයෙහි (403) තිස්සදත්ත නම් තෙරනමක් හවස නා තනිපට සිවුර පොරවාගෙන මහබෝ වඳිනු කැමතිව තමාගේ සෘද්ධියෙන් එය ළං කොටගෙන වැන්දේ යයි කියවේ.
-
මහාගතිගාමිය යන්න පී. වී. බාපාත්මහතා ශුද්ධකළ නාගරපොතේ තිබෙන්නේ මහානාගතිමිය යන ආකාරයෙනි. ↑