70. ගාමවාසී සුමන දේව මහතෙර

මෙතුමා ලෝහප්‍රාසාදයේ පහත මාලයේ හිඳගෙන ධර්‍මය උගන්වන්නේ අභිධර්‍මයට නිදානයක් නැතැයි කී පරවාදීන්ට නිග්‍ර‍හ කරමින් “එකං සමයං භගවා දෙවෙසු විහරති තාවතිංසෙසු පාරිච්ඡත්තකමූලෙ පණ්ඩුකම්බලසිලායං: තත්‍රඛො භගවා දෙවානං තාවතිංසානං අභිධම්මකථං කථෙසි කුසලා ධම්මා, අකුසලා ධම්මා, අබ්‍යාකතාධම්මාති” යන්න ප්‍ර‍කාශ කළ බව අට්ඨසාලිනී නිදාන කථාවෙහි පෙනේ.

(මෙය එතුමා ම ගළපා කියූ පාටයක් මිස අන්කිසි පොතක තිබෙන්නක් නොවන බැවින් මෙය නිදානයක් නැත යන්න බිඳීමට සමර්ථ වාක්‍යයක් නො වේ.)