66. සිංහල ගී අසා රහත් වූ සැටනමක්.

මග අසළ ගොයම් රකින සිංහල දැරියක් කී ජරා - මරණ සංයුක්ත සිංහල ගී පෙළක් ඇසී ඒ මග සිය සැටනමක් විදර්‍ශක භික්‍ෂූහු ඒ අනුව සිත යොදවා රහත්වූහ යි වංගීස සංයුත්තට්ඨකථාහි (1-211) කියවේ.

භාවනාවෙහි යෙදුණු තවත් භික්‍ෂු නමක් විලක බැස නෙලුම් මල්කඩන දැරියක් කී:

“පාතො ඵුල්ලිතකොකනදං සුරියාලොකෙන තජ්ජීයතෙ

එවං මනුස්සගතා සත්තා ජරාභිවෙගෙන මද්දීයන්ති”

යන ගාථාව අසා රහත්වී යයි එහිම පෙනේ.