61. කොටගලවැසි මහානාග මහතෙර

(වළගම්බා රජුකල.)

මාගම සංඝනම් ඇමතියෙක් විය. ඔහු තරුණ කල ලක්දිව බ්‍රාහ්මණතීය මහාභය ඇති විය. කොටගල වැසි මහානාග තෙරුන් එක් දිනක් මාගම් නුවර පිඬු පිණිස හැසිර කිසිවක් නො ලැබ හැරී එනු දුටු මේ ඇමතියා දහසක් වටිනා මුතුහරයක් උකසට තබා කහවණුවක් පමණ වටිනා ආහාරයක් ගෙනවුත් තෙරුන්ට පිළිගැන්වීය. තෙරනම ආහාර ලැබුණු සැටි සලකා විදසුන් වඩා ඒ පෙරවරු කාලයේදීම රහත්ව ඒ ආහාරය වැලඳී (මෙය රසවාහිනියේ ප්‍ර‍ථම ජයම්පතිකවස්තුවෙහි එයි.)