59. මහාගතිම්බ අභය මහතෙර

ස්මෘතිමතුන්ට නිදර්‍ශනයක් වශයෙන් මෙතුමාගේ නාමය දික්සඟි අටුවාහි මහාපරිනිබ්බාන සුත්තවණ්ණනා (365) වෙහි පෙනේ. “කෙතෙක්කල් සිට සිදුවූ පුවත් සිහිකරනසේක්දැ”යි භික්‍ෂූන් විසින් විචාරන ලද ඒ ස්ථවිරතුමා “ඉපිද පස්වෙනි දින මංගල පායාසයෙහි තුඩ ගසන්ට සැරසුණු කපුටකු දැක හුං හුං යි ශබ්ද කළ තැන් සිට සිහිකරමි”යි කීය.