53. තෙපිටක චුල්ලසුමන මහතෙර

ගිරිවිහාරයෙහි විසූ චුල්ලසුමන මහතෙර ලෝහප්‍රාසාදයෙහි උගන්වන ආචාර්‍ය්‍යවරයෙක් විය. රූපාවචර චතුර්‍ථධ්‍යානයත් අරූපධ්‍යානයත් උපේක්‍ෂා - ඒකාග්‍ර‍තා දෙකෙන් යුක්ත බැවින් රූපාවචර චතුර්‍ථධ්‍යානය ලබා කෙලෙසුන් නසන්නාත් අරූපධ්‍යානයන් ලබා කෙලෙසුන් නසන්නාත් “උභතොභාගවිමුත්ත” නාමයට සුදුසුයයි ප්‍ර‍ශ්නයක් උපන්විට මේ තෙරණුවෝ රූපාවචර ධ්‍යානය නීලා දී කිසියම් අරමුණක එල්බ පවත්නා බැවින් එය ලබා කෙලෙස් දුරු කළවුන්ට උභතොභාගවිමුත්ත (=දෙපැත්තෙන්ම නිදහස් වූ) යන නාමය නොයෙදේයයි ප්‍ර‍කාශ කළහ. (මෙය දික්සඟි අටුවාහි මහානිදාන සූත්‍ර‍ වර්‍ණනාවෙහි එයි.)