54. සාකේතතිස්ස මහතෙර

මැඳුම්සඟි අටුවාහි රථවිනීතසුත්තවණ්ණනාවෙහි (351) ද අංගුත්තර ඒකනිපාත අටුවා (44) හි ද මේ කථාව පෙනේ:- බොහෝ ශිෂ්‍යයන්ට ධර්‍මය උගන්වමින් අවකාශ කාලයක් නොලැබ සිටි මෙතුමා (ශිෂ්‍යයකු විසින් “මරණයට අවකාශයක් ලබන්නේ දැ”යි ඇසීමෙන් සංවේගයට පත් මහාසීව තෙරුන් මෙන්) සංවේගයට පැමිණ කණිකාරවාලිකසමුද්ද (=කිණිහිරිවැල්ලේ මූදු) විහාරයට ගොස් වස්කාලය තුළ එහි ස්ථවිර - නවක - මධ්‍යම වූ හැම භික්‍ෂූන්ට ම උපකාර වෙමින් සිට මහාපවාරණ දිනයේ දී ධර්‍මදේශනා කොට තමාගේ ව්‍යක්තභාවයෙන් ජනපදය කළඹවා ගියේය.