මැඳුම්සඟි අටුවාවේ භයභෙරවසුත්තවණ්ණනාවෙහ මේ කථාව පෙනේ:- වජගර ගිරි විහාරයෙහි[1] කාළදේව නම් ස්ථවිරතුමා වස් කාලය තුළ යාමගණ්ඩිය (වේලාව දන්වන ගෙඩිය) ගසන්ට පුරුදුව සිටියේය. නමුත් එතුමා කිසිවිටක වේලාව දැන ගැනීම පිණිස යාමයන්ත්‍රනාඩිකාව[2] නොයෙදුවේය. ප්‍රථම යාමය ඉක්මී ගෙඩිය ගැසීම පිණිස තෙරුන් පොල්ල අතට ගෙන සිටින විට හෝ දෙතුන්වරක් ගෙඩිය ගැසූ විගස යාමයන්ත්‍රය (ඔරලෝසුව) වදී. යාමතුනේදීම තෙරණුවෝ අන්කිසිවකින් වේලාව නොබලාම ගෙඩිය ගැසීය. පිඬු පිණිස හැසිර පාත්‍රය දාන ශාලාවෙහි තබා දිවාවිහාරස්ථානයට ගොස් මහණදම් යෙදෙන තෙරණුවෝ දන් වළඳන වේලාව නියම වශයෙන් දැන ඉදිරිපසු නොවී ගෙයින් එළියට පැමිණියහ.
-
මෙය “අජගරගිරි” වුවහොත් “පිඹුරාගල” යයි කිය හැක. පිඹුරාගල නමැති විහාරයක් අදත් සීගිරි පර්‍වතය අසළ තිබේ. ↑
-
“යාමයන්තනාළිකා”යි අටුවාහි පෙනේ. එය පැය ගණන දක්වන යන්ත්‍රයක් විය යුතු. “යාමයන්තං පටති” යන එහි තිබෙන වාක්‍යයෙන් එය වේලාව වදින යන්ත්‍රයක් බව පෙනේ. වෙලාව වදින ඔරලෝසු වර්‍ගයක් එකලත් තිබුණු බව මෙයින් ඔප්පුවේ. ↑