134. තිස්ස ඇමතියාගේ මව

තිස්ස නමැති ඇමතියාගේ මව දහසක් වටිනා වස්ත්‍ර‍යකින් ගැබ්මල (දරු ප්‍ර‍සූතියේ දී පිටවෙන අපිරිසිදු දේ) පිසදම්මවා පාංශුකූලික භික්‍ෂූන්ට ගැනීම සඳහා එය කාළවේලිමග දැම්මවීය යි විසුද්ධිමග්ග - ධුතාංගනිද්දෙසයෙහි (63) කියන ලදි.