129. කුරුන්දකවාසී ඵුස්සමිත්ත මහතෙර

මේ තෙරුන් මාර්ගසිත වැඩීම සම්බන්ධයෙන් ප්‍ර‍කාශ කළ මතයක් අංගුත්තරඒකනිපාත අටුවාහි අකම්මනියවග්ගයේ සිවුවෙනි සූත්‍ර‍වර්‍ණනාවෙහි ද, “ඒකාන්තයෙන් මෘදුත් කර්‍මණ්‍යත් වන්නේ අභිඥාපාදක චතුර්‍ථධ්‍යාන සිත පමණකැ”යි මේ තෙරුන් කී බව ඒ නිපාතයේ පස්වෙනි වර්‍ගයේ සත්වෙනි සූත්‍ර‍වර්‍ණනාවෙහි ද එයි.