126. රාගයෙන් දැවී මියයාම

සැදැහැතිස් මහරජ එක්දිනක් අන්තඃපුර ස්ත්‍රීන් පිරිවරාගෙන විහාරයට පැමිණියේ ය. එක් තරුණ භික්ෂුනමක් ලෝහප්‍ර‍සාදයේ දොරටුව අසළ සිටගෙන අසංවරයෙන් යුක්තව එක් ස්ත්‍රියක් දෙස බැලීය. ඒ ස්ත්‍රිය ද ගමන නවතා ඔහු දෙස බලන්ට පටන්ගති. ටිකවේලාවකට පසු ඇතුළෙහි උපන් රාග ගින්නෙන් දැවී දෙදෙනම මළහ.