124. අමාත්‍යයකුගේ පූජාවක්

“සංඝමිත්‍ර” නමැති භාණ්ඩාගාරික අමාත්‍ය තෙමේ රන්කම් කළ වස්ත්‍ර‍යක් ලැබ “සර්‍වඥයන් වහන්සේත් රන්වන්ය, මේ රන්වන් වස්ත්‍ර‍ය උන්වහන්සේටම හොබනේය”යි සිතා එය මහා චෛත්‍යයට පිදී යයි අට්ඨසාලිනී අටුවාවේ 94 වෙනි පිටේ ද සඳහන් වේ. මේ ඇමිතයා දුටුගැමුණු රජුගේ භාණ්ඩාගාරිකයා යනු “අට්ඨසාලිනී යෝජනා” වෙහි කියා තිබේ.