120. භික්ෂූන්ගේ විවාදයක්

භාතිය රජු කල මහාවිහාර වාසී වූ අභයගිරිවාසී වූ ද තෙරුන් අතර ශික්ෂාපදය වචනයක් අරභයා විවාදයක් ඇතිවය. එක් පක්ෂයක් ඉතිරි පක්ෂයේ කීම පිළිනොගන්නා බැවින් කාරණය තීරණයකට නො පැමිණි බැවින් රජතුමා “දීඝකාරායන” නමැති අමාත්‍යයකු කැඳවා දෙපක්ෂයේ ම කීම් අසව යි අණ කෙළේ ය. අමාත්‍යතෙම අභයගිරිවාසීන්ගේ “තෙන හි භික්ඛවේ මෙත්තියං භික්ඛුනිං සකාය පටිඤ්ඤාය නාසෙථ” යන කීම ද, මහාවිහාර වාසීන් ගේ “තෙන හි භික්ඛවෙ මෙත්තියං භික්ඛුනිං නාසෙථ” යන කීම ද අසා මහාවිහාරවාසීන් ගේ කීම යෝග්‍යයයි නිශ්චය කෙළේ ය. (විනය අටුවා තෙරසකවණ්ණනාවෙනි.)