118. උත්තමදේවී විහාරය

මැඳුම්සඟි අටුවාහි චුල්ලතණ්හාසංඛය සූත්‍ර‍වර්‍ණනාවෙහි සැවැත් නුවරින් දකුණු දෙසැ ජේතවනාරාමය පිහිටියා සේ අනුරාධපුරයට දකුණෙන් මහාවිහාරය පිහිටියේය යි ද සැවැත් නුවරට නැගෙනහිරින් පූර්‍වාරාමය පිහිටියා සේ අනුරාධපුරයට නැගෙනහිරින් උත්තමදේවී විහාරය පිහිටියේ යයි ද කියන ලදි.