117. මහාවාචකාළ උපාසකයා

අංගුත්තර තිකනිපාතවණ්ණනා (367) වෙහි මේ කථාව පෙනේ:- අන්තරගංගානම් තැන “මහාවාචකාළ” නම් උපාසකයෙක් විය. හෙතෙම සෝවාන් මග ලැබීම සඳහා තිස් අවුරුද්දක් ද්වත්තිංසාකාරය හැදෑරීය. එසේ කොට ආලෝකමාත්‍ර‍යකුත් උපදවන්ට නො හැකි වූ බැවින් බුද්ධශාසනය සසරින් එතෙරවීමට උපකාර වන්නක් නොවේ යයි විපරීත දෘෂ්ටියක් ගෙන මැරී මහවැලිගඟෙහි නව ඉස්බක් පමණ විශාල වූ කිඹුල් ප්‍රේතයෙක් ව උපන්නේ ය. වරක් කසා තොටින් එතරවෙන්ට ගිය ගල්කණු පිර වූ කරත්ත හැටක් ගොනුන් සමග ඌ ගිල දැම්මේ ය.