116. චිත්ත මහාමාත්‍යයා

ඣානවිභංග අටුවාහි (239) චිත්තමහාමාත්‍යයාගේ ගෙය භික්‍ෂූන්ට පැන් තොටක් මෙන් වී යයි ද එහි නිතරම වේලාව දක්වන යන්ත්‍ර‍ය යොදා තිබුණේ යයි ද ගෙදොරට පැමිණි භික්‍ෂූන්ට කිසියම් ප්‍ර‍ත්‍යයකින් අඩුවක් නො වී යයි ද එක් දිනයක දී බෙහෙත් සඳහා පමණක් කහවණු සැටක් වියදම් කරන ලදැයි ද කියන ලදි.