110. සෝමාදේවිය

(භාතික රජු කල)

භාතික රජු කල ගවමස් කන මිනිසුන් සමූහයක් ගෙනවුත් රජුට පෙන්වූහ. (ගවමස් කන්නන් රොඩීරැසට දැමීම එකල සිරිත වී යයි සිතම්හ.) දඩ ගෙවිය හැකි දැ යි රජු විසින් විචාළ විට නොහැකි යි කී බැවින් රජතෙමේ ඔවුන් රජගෙයි මිදුල ශුද්ධ කරන්නන් කෙළේ ය. ඒ පිරිසෙහි වූ එක් තරුණියක් ප්‍ර‍සාද එළවන රූසපුව ඇත්තීය. රජ ඇය දැක අන්තඃපුරයට ගෙන්වා තමාට ප්‍රිය වූ අන්තඃපුර ස්ත්‍රියක් කෙළේ ය. ඇගේ ආනුභාවයෙන් සෙසු නෑයෝ ද සුවසේ විසූහ. (මෙය විභංග අටුවාහි ඤාණවිභංගනිද්දෙස (310) යෙහි දක්වන ලදි.)