සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් ඇතැම් පොත්

සියලු බුද්ධවචනය නිකාය වශයෙන් බෙදීමේදී දීඝ, මජ්ඣිම, සංයුක්ත, අංගුත්තර යන නිකාය හතරට අයත් නොවූ සියලු බුද්ධ වචනය ඛුද්දක නිකායට ඇතුලත් කර ප්‍රථම සංගීතිකාරක මහරහත් උතුමන් වහන්සේලා සංග්‍රහ කල සේක. එයට අයත් ග්‍රන්ථ අතුරින් සූත්‍ර පිටකයට අයත් ග්‍රන්ථ 15 ක් බව අර්ථකථාවන්හි දැක්වේ. ඒ මෙසේය;

ඛුද්‌දකපාඨ - ධම්‌මපද - උදාන - ඉතිවුත්‌තක - සුත්‌තනිපාත - විමානවත්‌ථු - පෙතවත්‌ථු - ථෙරගාථා - ථෙරීගාථා - ජාතක - නිද්‌දෙස - පටිසම්‌භිදා - අපදාන - බුද්‌ධවංස - චරියාපිටකවසෙන පන්‌නරසප්‌පභෙදො ඛුද්‌දකනිකායොති ඉදං සුත්‌තන්‌තපිටකං නාම. (විනයට්ඨකථා 10 පිටුව)

නමුත් “මෙම ග්‍රන්ථයන් අතුරින් ඇතැම් ග්‍රන්ථ පිරිසිදු බුද්ධදේශනා නොවේය” යනාදී වැරදි මත මෑතක සිට අප රටේ ද පැතිරෙමින් පවතී. මෙම වැරදි මතයේ ද ආරම්භය අලජ්ජී වූ මහාසංගීතික (වජ්ජිපුත්තක) භික්‍ෂූන්ගේ කාලය දක්වා දිවේ. ඔවුහු පරිවාරපාළිය, අභිධර්මපිටකය, මහානිද්දේසපාළි, චුල්ලනිද්දේසපාළි, පටිසම්භිදාමග්ගපාළි, ජාතකදේශනා වලින් කොටසක් යනාදී ධර්ම කොටස් ප්‍රතික්‍ෂේප කරමින් සාසනවිලෝමයක් කළ බව දීපවංසාදී ග්‍රන්ථයන්හි දැක්වේ. ඒ පිළිබඳ වැඩිදුර කරුණු ඉදිරියේදී හත්වන (07) පරිච්ඡේදයේදී දක්වමු. එබඳු පිරිස් ගත් මතම දැනුත් ප්‍රචාරය කරන අධර්මවාදී පිරිස් වලට පිළිතුරු දීමටත් තමාගේ ශ්‍රද්ධාදී ගුණ දියුණු කරගැනීමටත් උපකාර වේ යැයි සලකා මෙම කරුණු දැක්වීමු. මේ පිළිබඳ වැඩිදුර කරුණු,

යනාදී තැන්හි දක්වා ඇති බැවින් ඒවා කියවා තමාගේ ශ්‍රද්ධාදී ගුණධර්ම තර කර ගනිමින් ප්‍රතිපත්තියෙහි යෙදෙමින් තම ජීවිත දහමින් පෝෂණය කර ගනිත්වා යනු අපගේ මෛත්‍රී පූර්වාංගම ආරාධනයයි.