ප්‍ර‍සාද රූප පස

star_outline

චක්ෂුඃ ප්‍ර‍සාදය, ශ්‍රෝත ප්‍ර‍සාදය, ඝ්‍රාණ ප්‍ර‍සාදය, ජිව්හා ප්‍ර‍සාදය, කාය ප්‍ර‍සාදය යි ප්‍ර‍සාද රූප පසෙකි. ප්‍ර‍සාද යනු ඔපයට නමෙකි. කැඩ පත් ආදියෙහි අන්‍ය වස්තූන්ගේ ඡායාවන්ට ඇතුළු වී සිටීමට යෝග්‍ය ස්වභාවයක් ඇත්තේ ය. ඔපය යි කියනුයේ එයට ය. සත්ත්ව ශරීරයන්හි ද රූපාදි ආරම්මණයන් ගේ ඡායා ප්‍රවේශ වීමට යෝග්‍ය වූ කර්මයෙන් හට ගත්තා වූ චක්ෂුර් විඥානාදීන්ට නිඃශ්‍ර‍ය වන්නා වූ ඔප පසක් ඇත්තේ ය. ප්‍ර‍සාද රූපයෝ යයි කියනුයේ ඒ ඔප ගතිවලට ය. ඒවාට ඉන්ද්‍රිය යයි ද කියනු ලැබේ.

අනු මාතෘකා
keyboard_arrow_rightචක්ෂුඃ ප්‍ර‍සාදයstar_outline
keyboard_arrow_rightශ්‍රෝත ප්‍ර‍සාදයstar_outline
keyboard_arrow_rightඝ්‍රාණ ප්‍ර‍සාදයstar_outline
keyboard_arrow_rightජිහ්වා ප්‍ර‍සාදයstar_outline
keyboard_arrow_rightකාය ප්‍ර‍සාදයstar_outline