6. උපාදින්න රූප සහ අනුපාදින්න රූප.
තණ්හා, දිට්ඨි වශයෙන් තදින් අල්වා ගනු ලබන්නාවූද සත්ත්‍ව සන්තානයෙහි සෑම කල්හිම පවතින්නාවූද, කර්මයෙන් ජනිත හෙවත් කර්මජ රූපයෝ උපාදින්න රූප නම් වෙත්.
කම්මජ හෙවත් උපාදින්න රූපයෝ අටළොසකි. එනම්:
| හදය රූපය | 1 | |
| පසාද රූප පස | ඉන්ද්රිය රූප අට | 8 |
| භාව රූප දෙක | ||
| ජීවිත රූපය | ||
| පඨවි, ආපො, තෙජො, වායො | අවිනිබ්භොග රූප අට | 8 |
| වණ්ණ, ගන්‍ධ, රස, ඕජා | ||
| පරිච්ඡේද රූපය | 1 | |
| 18 |
කම්මජ රූප හැර චිත්ත, ඍතු ආහාර යන ත්‍රිවිධ ප්‍රත්‍යයෙන් ජනිත රූපයෝ අනුපාදින්න රූප නම් වේ.