5. ඖදාරික රූප හා සූක්‍ෂම රූප
ප්‍රකෘතියෙන්ම ස්ථූල බැවින්ද ඔවුනොවුන් ඖදාරිකව ගැටෙන බැවින්ද ඖදාරික රූප නම් වේ. එවැනි රූප දොළොසකි (12).
එනම්:
- චක්ඛු ප්‍රසාද රූපය
- සොත ප්‍රසාද රූපය
- ඝාණ ප්‍රසාද රූපය
- ජිව්හා ප්‍රසාද රූපය
- කාය ප්‍රසාද රූපය
- රූපය (වර්ණ රූපය)
- ශබ්ද රූපය
- ගන්‍ධ රූපය
- රස රූපය
- පඨවි ධාතුව
- තෙජෝ ධාතුව } පොට්ඨබ්බය
- වායො ධාතුව
ඉතිරි සොළොස් (16) රූපයෝ සූක්‍ෂම රූප නම් වෙත්. ආපො ධාතුව, භාවරූපවය, භදය රූපය, ජීවිතෙන්‍ද්‍රිය රූපය, ආහාර රූපය, පරිච්ඡේද රූපය, විඤ්ඤත්ති රූපවය, විකාර රූප තුනය, ලක්‍ෂණ රූප සතරය යන රූප සොළොස ඉතා සියුම් වූ ද, නොහැපෙන රූප බැවින් එයට සූක්‍ෂම රූප යයි කියනු ලැබේ. ඖදාරික රූපයෝ දුර පිහිටි නමුත් වහා ආසන්නයට හෙවත් ළඟට ගන්නට හැකි වන බැවින් එයට සන්තිකරූප යයි ද කියති. සූක්‍ෂම රූපයෝ එසේ ආසන්නයට පහසුවෙන් ගත නොහැකි බැවින් දූරෙ රූප නම් වේ. එමෙන්ම ඖදාරික රූපයෝ එකිනෙකට තදින් හැපෙන රූප බැවින් එයට සප්පටිඝ රූප යයි ද නමෙකි. සූක්‍ෂම රූපයෝ එසේ නොවන හෙයින් අප්පටිඝ රූප නම් වේ.