අභිධර්මාර්ථ ප්‍රදීපිකා

4. ඉන්‍ද්‍රිය රූප සහ අනින්‍ද්‍රිය රූප

අධිපති භාවය දක්වන්නාවූ රූපයෝ ඉන්‍ද්‍රිය රූප නම් වේ ඉන්‍ද්‍රිය රූප අට දෙනෙකි. එනම්:

  1. චක්ඛු ප්‍රසාද රූපය
  2. සොත ප්‍රසාද රූපය
  3. ඝාණ ප්‍රසාද රූපය
  4. ජිව්හා ප්‍රසාද රූපය
  5. කාය ප්‍රසාද රූපය
  6. ස්ත්‍රී භාව රූපය
  7. පුරුෂ භාව රූපය
  8. ජීවිතින්‍ද්‍රිය රූපය

ඉතිරි විසි (20) රූපයෝ අනින්‍ද්‍රිය රූපයෝයි. චක්ඛු විඤ්ඤාණ, සොත විඤ්ඤාණ, ඝාණ විඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ කාය විඤ්ඤාණ යන පඤ්ච විඤ්ඤාණයන් කෙරෙහි අධිපති භාවය දක්වන හෙයින් පඤ්ච ප්‍රසාද රූපයන්ට ඉන්‍ද්‍රිය රූපයයි කියති. එමෙන්ම ස්ත්‍රී ලිඞ්ග පුරුෂ ලිඞ්ග ආදියෙහි අධිපති භාවය දක්වන්නාවූ භාව රූපයන්ද ඉන්‍ද්‍රිය රූපයන්ටම ඇතුළත්වේ. ජීවිත රූපය කර්මජරූපයන්ගේ පාලනයට හේතුවන හෙයින් එයද ඉන්‍ද්‍රිය රූපයකි.