3. චාර රූප සහ අචාර රූප.
චාර රූප සතෙකි. එනම්:
- චක්ඛු ප්‍රසාද රූපය
- සොත ප්‍රසාද රූපය
- ඝාණ ප්‍රසාද රූපය
- ජිව්හා ප්‍රසාද රූපය
- කාය ප්‍රසාද රූපය
- කාය විඤ්ඤත්ති රූපය
- වචී විඤ්ඤත්ති රූපය
ඉතිරි එක් විසි (21) රූපයෝ අචාර රූප නම් වේ. පඤ්ච විඤ්ඤාණාදී විථි සිත් හා කාය වාග් කර්මයන් පවත්නා ස්ථානයන්ට චාරයයි කියනු ලැබේ. උත්පත්ති චාර, කර්ම චාර යයි චාර විවිධ වේ. එයින් උප්පත්ති චාර යයි කියනු ලබන්නේ පඤ්ච ප්‍රසාද රූපයන්ටය. කාය විඤ්ඤත්ති වචී විඤ්ඤත්ති යන රූප දෙය කාය වාග් කර්ම පවත්නා ස්ථාන බැවින් එයට කර්මද්වාර යයි කියති.