2. වස්තු රූප හා අවස්තු රූප
චිත්ත චෛතසික ධර්මයන්ගේ වාසයට, හටගැනීමට, පැවැත්මට ස්ථාන වන රූප වස්තු රූප නම් වෙත්.
එවැනි වස්තු රූප සයකි එනම්:
- චක්ඛු ප්‍රසාද රූපය.
- සොත ප්‍රසාද රූපය.
- ඝාණ ප්‍රසාද රූපය.
- ජිව්හා ප්‍රසාද රූපය.
- කාය ප්‍රසාද රූපය.
- හදය රූපය.
ඉතිරි දෙවිසි (22) රූපයෝ අවස්තු රූප නම් වෙත්.
මෙකී රූප සය විඤ්ඤාණාදීන්ට නිඃශ්‍රය වන බැවින් වස්තු රූපයයි ව්‍යවහාර වේ අවස්තු රූපයන්හි නාම ධර්මයන් ගේ වාසයක් නැත.