1. අජ්ඣත්තික රූප හා බාහිර රූප.
අජ්ඣත්තික රූප පසෙකි. එනම්.
- චක්ඛු ප්‍රසාද රූපය.
- සොත ප්‍රසාද රූපය.
- ඝාණ ප්‍රසාද රූපය.
- ජිව්හා ප්‍රසාද රූපය.
- කාය ප්‍රසාද රූපය. ඉතිරි තෙවිසි (23) රූපයෝ බාහිර රූප නම් වෙත්.
ඒ ඒ පුද්ගලයන් ගේ සන්තානයන්ට ඇතුළත් වූ ධර්‍ම අජ්ඣත්තික ධර්‍ම නම් වේ. අධ්‍යාත්මක ආයතනයන් අතුරෙන් නාම ධර්‍මයක් වූ මනස හැර ඉතිරි ආයතන පස අධ්‍යාත්මක රූප ධර්‍මයෝයි. ඒ පිළිබඳව උපදනා මමත්‍වය, තෘෂ්ණාව ඉතා මහත්ය. අන්‍ය රූප පිළිබඳව එතරම් දැඩි තෘෂ්ණාවක් නැති නිසා එයට බාහිර රූප යයි කියනු ලැබේ.