විඤ්ඤත්ති රූප
සත්ත්‍වයෝ, තම තමන්ට පහළවන්නාවූ යම් යම් අදහස් අනුන්ට හඟවනු කැමැති කල්හි, යම් ශරීරාවයවයන්ගේ සැළිමකින් හෝ සැලෙන ස්වභාවයකින් හෝ මුවින් නිකුත් කරන්නාවූ ශබ්දයකින් හෝ අදහස් හඟවත්ද එසේම අනුන් විසින් ද යම් සත්ත්‍වයෙකුගේ සැළෙන්නාවූ ශරීරාවයවයන් දැක හෝ මුවින් නිකුත්වන ශබ්දානුසාරයෙන් හෝ ඔහුගේ අදහස් දැනගනීද, එයට විඤ්ඤත්ති රූපය යි කියනු ලැබේ. එසේ හෙයින් කාය විඤ්ඤත්ති වචි විඤ්ඤත්ති යයි විඤ්ඤත්ති දෙවැදෑරුම් වේ.