කම්ම නිමිත්ත
කුසලාකුසල කර්මයක් සිදුකරන්නාවූ කාලයෙහි ප්‍රධාන වශ යෙන් හෝ අප්‍රධාන වශයෙන් හෝ උපකාර වූ යමක් මරණාසන්න කාලයේදී මරණාසන්න ජවනයන්ට අරමුණු වේ නම් එයට කම්ම නිමිත්ත යයි කියනු ලැබේ. අතීතයෙහි ප්‍රාණඝාතාදි යම් අකුසල කර්මයක් කිරීමේදී, යම් කිසි සත්ත්වයෙකු බැඳ තබා, දඬු මුගුරු ආයුධ ආදියකින් තලා පෙළා මැරුයේ නම්, මරණාසන්නයේදී මරණ ලැබූ ඒ සත්ත්වයා හෝ සත්ත්ව ඝාතන කර්මයට උපකාර වූ දඬු මුගුරු ආදිය හෝ කම්ම නිමිත්ත වශයෙන් වැටහෙන්නේය.
එමෙන්ම බුදුන් වැඳිම්, දන් දීම්, බණ ඇසීම් ආදි වූ කුසල කර්ම යක් ප්රතිසන්ධි විපාක ගෙනදීමට එළඹියේ නම්, ඒ කුසල කර්මය සිදු කිරීමට උපකාර වූ බුද්ධ ප්‍රතිමා, වෙහෙර, විහාර, බෝරුක් ආදිය හෝ, මල් පහන්, සුවඳ දුම්, දානවස්තු ආදිය හෝ කම්ම නිමිති වශයෙන් මරණාසන්න ජවනයන්ට අරමුණු වන්නේය.
මේ කර්ම නිමිති, අතීත මෙන්ම වර්තමාන ද විය හැකි. එසේම සය ද්වාරයටම අරමුණු වෙත්. වර්තමාන වශයෙන් අරමුණු වන කල්හි මරණාසන්නයේදී ලද්දක් වශයෙන්ම මනෝද්වාරයට වැටහෙන්නේය.
මරණාසන්නයේ දී බුද්ධ ප්‍රතිමා, දාන පිරිකර, මල් පහන් යනා දිය චක්ඛුද්වාරයට ද, ධර්මදේශනා, පින් පොත් කියවීම, පිරිත් දෙසීම් ආදිය සොතද්වාරයටද, පූජා පිණිස සකස් කළ සුවඳ දුම් ආදිය ආඝ්‍රාණය කරණ කල්හි ඝාණද්වාරයටද දිව්හා බලා රස දාන වස්තුවක් පිදීමට තැන් කරණ කල්හි ජිව්හාද්වාරයටද, පිරිකර අන
ගැසීම් ආදියෙහි දී කායද්වාරයට ද, ඒ ඒ මොහොතේ දී ලත් යම් කිසි අරමුණක් මනොද්වාරයට ද, වර්තමාන අරමුණු වශයෙන් වැට හෙන්නේය. අතීත රූපාදි කර්ම නිමිති අරමුණු වන්නේ මනොද්වාරයට පමණය. අකුසල පක්ෂයෙහි ද මෙසේමය.
රූපාවචර අරූපාවචර ප්රතිසන්ධිය ලබන්නා වූ පුද්ගලයන්ට ද, මරණාසන්නයේදී අරමුණු වන්නේ කම්ම නිමිති පමණය. රූපා වචර ධ්‍යාන ලාභින්ට මරණාසන්නයේදී ඔහුගේ ධ්‍යානය වැඩීමට පටිකර්ම වශයෙන් උපකාර වූ කසිණාදී වූ ප්රඥප්ති අරමුණු, කම්ම නිමිති වශයෙන් වැටහෙන්නේය.
අරූපාවචර ධ්‍යානලාභීන් හට ඒ ඒ ධ්‍යානයන්ට උපකාර වූ ප්රඥප්ති ආලම්බණ හෝ මහග්ගත ආලම්බණ හෝ කම්ම නිමිති වශයෙන් අරමුණු වෙත්.