දිට්ඨුජ්ජුකම්මය
දසවස්තුක මිථ්‍යාදෘෂ්ටිය හෙවත් දුන් දෙයෙහි විපාක නැත, යාග සඞ්ඛ්‍යාත දානයෙහි විපාක නැත, ආහුතියෙහි විපාක නැත, සුකෘත දුෂ්කෘත කර්මයන්ගේ විපාක නැත, මව් නැත, පියා නැත, මෙලෝ නැත, පරලෝ නැත, ඕපපාතික සත්ත්වයෝ නැත, මෙලෝ පරලෝ දත් මනා පිළිපන් මහණ බමුණු කෙනෙක් නැතැයි යන විපරීත දෘෂ්ටීන්ගෙන්ද, ඊශ්වර නිර්මාණාදී දෘෂ්ටි වලින් ද දිට්ඨමංගලාදී දෘෂ්ටිවලින් ද මිදී සම්‍යග් දෘෂ්ටියෙහි සෘජුව පිහිටීමේදී ඒ පිළිබඳව උපදනා කාමාවචර කුසල ජවනයන්හි සම්ප්‍රයුක්ත චේතනාවෝ දිට්ඨුජ්ජුකම්ම කුසල් නම් වෙත්.
බුද්ධාදි අට තැන්හි සැක නොකොට, කම්පල අදහමින්, දිට්ඨිය සෘජුකොට ගත් කල්හි, දාන සීලාදී සියලු කුසල කර්මයන් නුවණින් යුක්තවම රැස් කළ හැකි වෙයි. එබැවින් දානාදී වූ නවවිධ පුණ්යක්රියාවන්හිම දිට්ඨුජ්ජුකම්ම පුණ්‍යක්‍රියාව පූර්වාඞ්ගම කොට ඇත්තේයයි දතයුතුයි.