රූපාවචර කුසල කර්ම
පඨවි කසිණාදී යම් භාවනා අරමුණක් ගෙණ භාවනා කරණ කල්හි පරිකර්ම නිමිත්ත උපන් තැන් පටන් උග්ගහ නිමිත්ත උපදින තැන් දක්වා කරන්නාවූ භාවනා පරිකර්ම භාවනා නම් වේ. උග්ගහ නිමිත්ත උපන් තැන් පටන් ගොත්රභූ චිත්තය දක්වා කරන්නාවූ භාවනාව උපචාර භාවනා නම් වේ. ඊට අනතුරුව උපදනා ධ්‍යාන ජවනය, අර්පණා භාවනා නම් වේ. මෙයින් පරිකර්ම භාවනා, උපචාර භාවනා යන භාවනාවෝ කාමාවචර මහා කුසල් නම් වන්නාහ. අර්පණා ජවන් සිත්හි සම්ප්‍රයුක්ත චේතනාව රූපාවචර කුසල කර්ම නම් වේ.
මේ රූපාවචර කුසලය, කාය කර්ම වශයෙන් කිසි කලෙකත් හටනොගන්නේය. එය මනොද්වාරයෙහිම හටගන්නා බැවින් ඒකාන්ත මනො කර්මයක්ම වන්නේය.
විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා යන ධ්‍යානාඞ්ගයන්ගේ යෙදීම කරණකොටගෙණ මේ රූපාවචර කුසල කර්මයෝ ප්‍රථමධ්‍යාන, ද්විතීයධ්‍යාන තෘතියධ්‍යාන, චතුර්ථධ්යාන, පඤ්චම- ධ්‍යාන වශයෙන් පඤ්චවිධ වෙත්.
රූපාවචර කුසල කර්මයන්ගේ විපාක වශයෙන්, උපදවන ලද ධ්‍යානයන්ගේ පිරිහීමක් නැති කල්හි, මරණින් මත්තෙහි ඒකාන්තයෙන්ම බ්රහ්මලොකොත්පත්තිය ලබන්නේය.