අභිධර්මාර්ථ ප්‍රදීපිකා

අනාගාමි ආර්‍ය්‍ය පුද්ගලයා

අනාගාමි ඵලයට පැමිණි ආර්‍ය්‍ය පුද්ගලයා හට, අටළොස් ක්‍රියා ජවන්ය, දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් සතරය, දොස මුල දෙසිතය, විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිතය යන අකුසල් සිත් සතය, අනාගාමි ඵල සිත හැර ඉතිරි ලොකොත්තර සිත් සතය යන සිත් දෙතිස (32) නො ලැබේ. ඉතිරි වීථි සිත් සතලිස් අට (48) එනම්:- දිට්ඨිගත විප්‍රයුක්ත සිත් සතර, උද්ධච්ච සම්ප්‍රයුක්ත සිත යන අකුසල් සිත් පස, හසිතුප්පාදය හැර ඉතිරි අහේතුක සිත් සතළොස, මහා කුසල් අට සහ විපාක සිත් සොළොස, මහග්ගත කුසල් නවය සහ අනාගාමි ඵල සිත ද ලැබේ. අනාගාමි මාර්ගක්ෂණයේදී දොෂ මූල දෙසිත ප්‍රහීණ කළ බැවින්, අනාගාමී ආර්‍ය්‍ය පුද්ගලයාහට ඒ දෙසිත, නොලැබෙන බව දතයුතුයි.