අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සකෘදාගාමි ආර්‍ය්‍ය පුද්ගලයා

සකෘදාගාමි ඵලයට පැමිණි ආර්‍ය්‍ය පුද්ගලයා හට සෝතාපන්න ආර්‍ය්‍ය පුද්ගලයාට මෙන් ක්‍රියා ජවන් අටළොස, දිට්ඨිගත සම්ප්‍ර යුක්ත සිත් සතර, විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත, සකෘදාගාමි ඵල සිත හැර ඉතිරි ලොකොත්තර සිත් සත යන සිත් තිහ නොලැබේ. ඉතිරි වීථි සිත් පනස, එනම්:- දිට්ඨිගත විප්‍රයුක්ත සිත් සතර, දොෂමුල දෙසිත, උද්ධච්ච සම්ප්‍රයුක්ත සිත, හසිතුප්පාදය හැර ඉතිරි අහේතුක සිත් සතළොස, මහා කුසල් සහ විපාක සිත් සෙළොස, මහග්ගත කුසල් නවය සහ සකෘදාගාමි ඵල සිත ද ලැබේ.