රහතන් වහන්සේ
රහතන් වහන්සේට, සියලු කෙළෙසුන් නැසූ හෙයින්ද, මතු භවය සිඳ දැමූ හෙයින්ද, අකුසල් සිත් දොළොසය, කාමාවචර මහා කුසල් අටය, මහග්ගත කුසල් නවය, අර්හත් ඵල සිතහැර ඉතිරි ලොකොත්තර සිත් සතය යන සතිස් (36) චිත්තයන් නො ලැබේ. ඉතිරි සූසාළිස් (44) චිත්තයන් එනම්:- අහේතුක සිත් අටළොස, මහා විපාක ක්රියා සිත් සොළොස, මහග්ගත ක්රියා සිත් නවය සහ අර්හත් ඵල සිත ද ලැබෙත්.
තවද, අශෛක්ෂ, ශෛක්ෂ, පෘථග්ජනයන් ගේ වශයෙන් පුද්ගල යන් තුන්දෙනෙක් දක්වන ලදී. එයින් අශෛක්ෂ වූ රහතන් වහන්සේට ලැබෙන සිත් ගණන සතලිස් සතරකි. (44) ශෛක්ෂ පුද්ගලයෝ නම් ඉතිරි ආර්ය්ය පුද්ගලයෝ සත් දෙනාය. ශෛක්ෂ යන්ට ලැබෙන සිත් පණසකි. එනම් සෝවාන් ඵලස්ථයා හට ලැබෙන සිත් පණසත්, මාර්ග සිත් සතරත්, සකෘදාගාමි, අනාගාමි ඵල සිත් දෙකක් යන සපනස් (56) චිත්තයෝ යි. මේ සිත් ඒ ඒ ආර්ය්ය පුද්ගලයන්ගේ වශයෙන් යොදා ගතයුතු වේ. පෘථග්ජන පුද්ගලයා හට ලැබිය හැකි වීථි සිත් ගණන සූපනසකි. (54) මෙය ත්රිහේතුක පෘථග්ජනයාට ලැබෙන සිත්ය. මෙයින් දුගති අහේතුක පුද්ගලයන්ට සිත් තිස්හතක් (37) ද, සුගති අහේතුක ද්විහේතුක පුද්ගල යන්ට සිත් සතලිස් එකක් ද ලැබෙන බව සැලකිය යුතුයි.