ත්රිහේතුක පෘථග්ජනයා
පෘථග්ජන භාවයෙහි සිටින්නාවූ ත්රිහේතුක පුද්ගලයාහට හසිතුප්පාදය, කාමාවචර මහා ක්රියා අටය, මහග්ගත ක්රියා නවය යන අටළොස් ක්රියා ජවන් හා, ලොකොත්තර සිත් අටය යන සවිසි (26) චිත්තයන් නො ලැබේ. ඉතිරි සිත් සූපනස (55), එනම්:හසිතුප්පාදය හැර අශෝභන සිත් විසිනවය කාමාවචර මහා කුසල් අට හා විපාක අටය, මහග්ගත කුසල් නවය යන සිත් පනස්හතර ලැබේ.