සුගති අහේතුක සහ ද්විහේතුක පුද්ගලයෝ
මේ පුද්ගලයන්ට කාමාවචර ක්‍රියා ජවන් නවය, අර්පණා ජවන් විසිහය, ඤාණසම්ප්‍රයුක්ත මහා විපාක සතරය, යන වීථි සිත් තිස්නවය (39) නොලැබෙන්නාහ. ඉතිරි එක්සාළිස් වීථි සිත් ලැබේ. ඒ එක්සාළිස් වීථි චිත්තයෝ නම්:- අකුසල් සිත් දොළොසය, හසිතුප්පාදය හැර ඉතිරි අහේතුක සිත් සතළොසය, මහා කුසල් සිත් අටය, ඤාණවිප්‍රයුක්ත මහා විපාක සිත් සතරය යන එක්සාළිසය (41)
මෙකී දුගති අහේතුක, සුගති අහේතුක සහ ද්විහේතුක පුද්ගලයන්ට අර්පණා ජවන් සිත් නොලැබෙන බැවින්, මේ භවයෙහි ධ්‍යාන, මාර්ග ඵලයන්ට කිසිසේත් පැමිණිය නොහැකි වේ.