අභිධර්මාර්ථ ප්‍රදීපිකා

දුගති අහේතුක පුද්ගලයා

මේ පුද්ගලයා හට හසිතුප්පාද සිතය, කාමාවචර මහා ක්‍රියා අටය, යන කාමාවචර ක්‍රියා ජවන් නවයද, මහා විපාක සිත් අටද, රූපාවචර කුසල ක්‍රියා දසය, අරූපාවචර කුසලක්‍රියා අටය, ලොකොත්තර සිත් අටය යන අර්පණා ජවන් විසිහයද යන තෙසාළිස් (43) චිත්තයන් නොලැබෙන්නාහ. ඉතිරි වීථි සිත් සත්තිස ලැබේ. ඒ සත්තිස නම්:- අකුසල් සිත් දොළොසය (12) හසිතුප්පාදය හැර අහේතුක සිත් සතළොසය (17) මහා කුසල් සිත් අටය (8) යන සත්තිස් චිත්තයෝ යි.