අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ඒ ඒ පුද්ගලයන්ට ලැබෙන සිත්

මහග්ගත විපාක සිත් නවය ඒකාන්තයෙන්ම ද්වාරවිමුක්ත බැවින්, වීථි සිත් සඞ්ඛ්‍යාවට නොගැනේ. රූපාරූප භවයන්හි ප්‍රතිසන්ධිය ලබන්නා වූ පුද්ගලයන්ට ඔවුන්ගේ ප්‍රතිසන්ධි, භවඞ්ග චුති චිත්තයන් වශයෙන් පහළවීම මිස, අන්‍ය කෘත්‍යයක් කිරීමට මේ මහග්ගත විපාක සිත් නවය අසමර්ථ වේ. එබැවින් වීථි සිත් වශයෙන් ගතයුතු සිත් සියල්ල අසූවකි. එනම් එකුන් අනූ චිත්තයන් ගෙන් මහග්ගත විපාක නවය හැර ඉතිරි සිත් අසූවය.