එකද්වාරික සිත්
එක් ද්වාරයකින් පමණක් අරමුණු ගෙන හටගන්නා සිත් එකද් වාරික සිත් නම් වේ. මේ එකද්වාරික සිත් සතිසකි. (36). එනම්:-
විඤ්ඤාණ සිත් 10
මහග්ගත, ලොකොත්තර ජවන් සිත් 26
36
මෙයින් විඤ්ඤාණ සිත්, තම තමන්ට අයත් එක් ද්වාරයකින් අරමුණ ගෙන උපදින්නාහ. මහග්ගත ලොකොත්තර ජවන් සිත් විසිහය මනොද්වාරයෙන් පමණක් අරමුණු ගෙන උපදී.