අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ද්වාර විමුක්ත සිත්

මේ හවයේදී සදොරින් ගන්නා ලද අරමුණු නොව, අතීත හවයේදී සදොරින් ගන්නා ලද කම්ම, කම්මනිමිති, ගතිනිමිති යයි සම්මත ආරම්මණයක් ගෙන උපදනා චිත්තයෝ ද්වාරවිමුක්ත සිත් නම් වෙත්. මෙසේ උපදනා සිත් නම්, පටිසන්ධි, භවඞ්ග, චුති කෘත්‍යයන් සිද්ධ කරන්නාවූ එකුන් විසි (19) චිත්තයෝයි. එනම්:- උපෙක්ඛා සහගත සන්තීරණ දෙසිතය, මහාවිපාක අටය, මහග්ගත විපාක නවය යන මොහුය.

මේ ද්වාර විමුක්ත සිත් අතුරෙන් එක් හවයෙක ඇති වන්නේ එක් පටිසන්ධි සිතක් හා එක් චුති සිතක් ද, ද්වාරික සිත් හටනොගන්නා හැම කල්හිම භවඞ්ග සිත් සඞ්ඛ්‍යාවක් නොමැතිව ද හටගන්නා බව දත යුතුය.