කායද්වාරය
පඨවි, තෙජො, වායො නම් වූ භූතත්‍රය සංඛ්‍යාත වූ පොට්ඨබ්බ අරමුණ වැදගන්නා වූ ද, කායවිඤ්ඤාණය හට ගැනීමට උපකාර වන්නා වූ ද, සසම්භාරකය ඇසුරු කොට ගෙන පවත්නා වූ ද, මහාභූතරූපයන්ගේ ඔපය හෙවත් ප්‍රසාදය නම් වූ, ඉතා සියුම්රූප පරමාර්ථ ධාතුව හෙවත් කායප්‍රසාදය, කායද්වාර නම් වේ.
සසම්භාරකය, ප්‍රසාදකය යයි කය දෙවැදෑරුම් වේ. ස්පර්ශය දැනගැනීමට උපකාර වන සතරමහා භූතාදීන්ගෙන් සෑදුනු ශරීරය සසම්භාරකය නම් වේ.
කෙස්, ලොම්, නිය, වියලිසම, ආදි ස්පර්ශය නොදැනෙන තැන් හැර, මේ සසම්භාරකය ඇසුරු කොට ගෙන පවත්නා වූද කම්ම සමුට්ඨාන කායදසක රූපකලාපයන්හි ඇතුළත් වූද කායවිඤ්ඤාණයට නිශ්රයවන ඔපය හෙවත් පැහැය නම් වූ රූප පරමාර්ථ ධාතුව කාය ප්‍රසාදය නම් වේ. පොට්ඨබ්බාරම්මණය ඇතුළ්වීමට උපකාර වන බැවින් මේ කායප්රසාදයටම කායද්වාර යයි කියනු ලැබේ. පොට්- ඨබ්බාරම්මණය එල්බගෙන කාය විඤ්ඤාණය ඉපදීමට ස්ථාන වන බැවින් කායවස්තුව ද වන්නේය. කායෙන්ද්රිය යයි ද මෙයටම නමෙකි.