අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ඡද්වාරික - ද්වාරවිමුක්ත සිත්.

ඡද්වාරික වශයෙන් හා ද්වාරවිමුක්ත වශයෙන්ද අරමුණ ගෙන උපදනා සිත් ඡද්වාරික ද්වාරවිමුක්ත සිත් නම් වේ. එබඳු සිත් දසයකි. එනම් උපෙක්ඛා සහගත සන්තීරණ සිත් දෙක හා කාමාව චර මහාවිපාක අටය.