අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ඡද්වාරික සිත්

පඤ්චද්වාරයන් සහ මනොද්වාරය යන සදොරින්ම අරමුණු ගෙන උපදනා සිත් ඡද්වාරික සිත් නම් වේ. එබඳු සිත් එක්තිසකි. එනම්:-

සොමනස්ස සන්තීරණ සිත 1 මනොද්වාරාවජ්ජන සිත 1 කාමාවචර ජවන් සිත් 29 31

මෙයින් සොමනස්ස සන්තීරණ සිත පඤ්චද්වාරික චිත්ත වීථීන් හි සන්තීරණ සහ තදාරම්මණ කෘත්‍යයන්ද, මනොද්වාරික චිත්ත වීථියේදී තදාරම්මණ කෘත්‍ය පමණක්ද සිද්ධ කරමින් උපදනා බව දත යුතුයි.