හේතු සංග්‍රහය
චිත්ත චෛතසික ධර්මයන් හේතුන්ගේ වශයෙන් බෙදා දැක්වීම හේතු සංග්‍රහය නම් වේ.
නාම ධර්මයන් වූ චිත්ත චෛතසික ධර්මයන් අරමුණෙහි ස්ථිරව පිහිටීමට උපකාරවන ධර්ම හේතු ධර්ම නම්. ගස්වැල් ආදිය පොළෙවෙහි ස්ථිරව පිහිටීමට මුල් උපකාර වන්නාක් මෙන් මේ හේතු ධර්ම ද අරමුණෙහි ස්ථිරව පිහිටීමට උපකාරවන බැවින් මූල යයි ද කියනු ලැබේ.
හේතු නාමය ලබන චෛතසිකයෝ සදෙනෙකි. එනම් ලෝභ, දෝස, මෝහ, අලෝභ, අදෝස, අමෝහ යනුයි. මෙයින් ලෝභ, දොස, මෝහ යන චෛතසික තුන අකුසල් සිත්හි යෙදෙන බැවින් අකුසල හේතු යයි ද, අලෝභ, අදොස, අමෝහ යන චෛතසික ධර්ම තුන් කුසල් සිත්හි යෙදෙන කල්හි කුසල හේතු යයි ද විපාක ක්‍රියා සිත්හි යෙදෙන කල්හි අව්‍යාකෘත හේතු යයි ද ව්‍යවහාර කරනු ලැබේ.
මේ හේතු ධර්ම සියලුම සිත්හි නොයෙදේ. එබැවින් හේතු ධර්ම යෙදෙන සිත්වලට සහේතුක සිත් යයි ද හේතු ධර්ම නොයෙ දෙන සිත් වලට අහේතුක සිත් යයි ද කියති. අහේතුක සිත් ඉතා දුර්වල ය, හීනය, අරමුණෙහි ස්ථිරව නොපිහිටන බැවින් අස්ථිරය, සහේතුක සිත් බලවත් ය, ශක්තිමත්ය, අරමුණෙහි යහපත්ව පිහිටන බැවින් ස්ථිරය.