අහේතුක සිත්
අහේතුක සිත් අටළොසකි. මේ සිත් අටළොසෙහි හේතු ධර්ම සයෙන් එකක් වත් නොයෙදෙන්නේ ය. එබැවින් අසූනව යක් සිත් අතුරෙන් ඉතා දුර්වල සිත් වශයෙන් සලකනු ලබන්නේ මේ අහේතුක සිත් අටළොසය. මෙයින් සිත් සතක් අකුසල විපාක යෝය. සිත් අටක් කුසල විපාකයෝය, සිත් තුනක් ක්රියාසිත් ය.