ඉන්ද්රිය භේදය
මේ වේදනාවම ඉන්ද්‍රිය භාවය හෙවත් ඊශ්වර භාවය කරන හෙයින් ඉන්ද්‍රිය ධර්මයක්ද වේ.
ඉන්ද්‍රිය භේදයෙන් වේදනා චෛතසිකය පඤ්චවිධ වේ. එනම්සුඛින්ද්‍රිය, සෝමනස්සින්ද්‍රිය, දුක්ඛින්ද්‍රිය, දෝමනස්සින්ද්‍රිය, උපෙක්ඛින්ද්‍රිය යනුයි.
අනුභවන භේදයේ දී දක්වන ලද සුඛ වේදනාව මෙහිදි සුඛෙන්ද්‍රිය, සෝමනස්සෙන්ද්‍රිය යයි ද, දුක්ඛවේදනාව, දුක්ඛෙන්ද්‍රිය, දෝමනස්සෙන්ද්‍රිය යයිද, උපෙක්ඛා වේදනාව උපෙක්ඛෙන්ද්‍රිය යයි ද දක්වන ලදී.
සුඛ වෙදනාව, සුඛ සොමනස්ස, ඉන්‍ද්‍රිය යන් වශයෙන් දෙශනා කරන ලද්දේ කායික සැප වෙදනාවත්, මානසික සැප වේදනාවත් වෙන්කොට දක්වනු පිණිසය.
දුක්ඛ වෙදනාවද දුක්ඛ දොමනස්ස ඉන්‍ද්‍රියයන් වශයෙන් කායික දුක්ඛය, මානසික දුක්ඛය දැක්වීම පිණිසම දෙශනා කරන ලදී.
ඉන්‍ද්‍රිය භෙදයට අනුව සුඛ වෙදනා ඇති සිත් එකෙකි. එනම් සුඛ සහගත කායවිඤ්ඤාණයයි.
අනුභවන භෙදයෙන් දක්වන ලද සුඛ වෙදනා ඇති සිත් සැට තුනෙන් මේ සුඛ සහගත කාය විඤ්ඤාණය හැර ඉතිරි සිත් සැට දෙකම සොමනස්ස වෙදනා ඇති සිත් වේ.
එමෙන්ම දුක්ඛ වෙදනා ඇති සිත් එකෙකි. එනම් දුක්ඛ සහගත කාය විඤ්ඤාණයයි.
දොමනස්ස වෙදනා ඇති සිත් දෙකෙකි. එනම් දොමනස්ස දොස මූල සිත්දෙකය.
උපෙක්ඛා වෙදනා ඇති සිත්, අනුභවන භෙදයේදී දක්වන ලද සිත් පස්පනසය.
එක්සිය විසි එකක් ප්‍රභෙද ඇති මේ සියළුම සිත්හි යෙදෙන වෙදනාවෝ එක් කොට ගත්කල්හි, රූප වෙදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පඤ්චස්කන්ධයන් අතුරෙන් වෙදනා ස්කන්ධයට ඇතුළත් වේ.
ත්‍රෛභූමිකවූ මේ සියළු වෙදනාවෝ ප්‍රත්‍යයෙන් හට ගන්නා බැවින් සියළු වෙදනා, දුක්ඛ වෙදනා යයි වදාරණ ලදී. මේ දුක්ඛ වෙදනාවද, දුක්ඛ දුක්ඛය, සංඛාර දුක්ඛය; විපරිනාම දුක්ඛය යයි ත්‍රිවිධ වේ. ඔවුන් අතුරෙන් ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දොමනස්ස, උපායාසාදි සසර දුක් හා සතර අපා දුකද, ස්වභාවවශයෙන්ද නාම වශයෙන්ද, දුක්ම වන බැවින් දුක්ඛ දුක්ඛ නම් වේ.
අවශේෂවූ, භවත්‍රයෙහි ඇතුළත්වූ, සුඛ වෙදනා, උපෙක්ඛා වෙදනා යයි සම්මතවූ සියළු වෙදනාවෝ ප්‍රත්‍යයෙන්ම හටගන්නා බැවින් ද ත්‍රෛභූමික සංස්කාරයන්ගේ ලක්ෂණවූ උදය-වැය දෙකින් පීඩිත වන බැවින් ද සංඛාර දුක්ඛය යයි කියනු ලැබේ.
අසූහාර දහසක් (84000) මහා කල්පයන්ට ආයු ඇත්තාවූ නෙව සඤ්ඤානාසඤ්ඤායතනයෙන් චුත වී එන අවස්ථාවෙහි එපමණ දීර්ඝ කාලයක් වින්දා වූ විරාගී සැපයද, කායවස්තුක වූද අන්‍යවූද සුඛ වෙදනා වෝද ස්වභාවයෙන් දුක් නො වෙතත් පෙරලීමෙන් දුක් ඉපදීමට හේතු වන බැවින් විපරිණාම දුක්ඛ නම් වේ.
තවද, මේ දුක්ඛ වෙදනාවෝ පටිච්ඡන්න දුක්ඛය අපටිච්ඡන්න දුක්ඛය, පරියාය දුක්ඛය, නිප්පරියාය දුක්ඛය යනාදී වශයෙන් ද ප්‍රභේද ඇත්තේය. අත්, පා, හිස, දත්, කන් ආදී අවයවයන් පිළිබඳව ඇතිවන්නාවූ වෙදනාද, රාග ද්වේෂාදියෙන් වන්නාවූ සිත් තැවිලිද, යනාදී කායික මානසික ආබාධයන් අසාම දැනගත යුතු බැවින්ද, එයට හේතුව අප්‍රකට බැවින්ද, පටිච්ඡන්න දුක් නම් වේ.
බාහිරව පැමිණෙන්නාවූ නොයෙක් පීඩා, වධ, බන්ධන ආදිය නො අසාම දතහැකි බැවින්ද, උපක්‍රමය ප්‍රකට බැවින්ද, අපටිච්ඡන්න දුක්ඛය නම් වේ.
දුක්ඛ දුක්ඛයට අයත් නොවූ ජාති ආදී නාමයන්ගෙන් ප්‍රකාශ වන සියල්ලම ඒ ඒ දුකට වස්තු වන බැවින් හෙවත් කාරණා වන බැවින් පරියාය දුක්ඛ නම් වේ. නිප්පරියාය දුක්ඛය නම් මේ දුක්ඛ දුක්ඛය මය.
සංක්ෂෙපයෙන් වෙදනා භේදය මෙසේ දත යුතුයි.
- සුඛ වෙදනා (සිත් 63)
- සුඛෙන්‍ද්‍රිය. සුඛ සහගත කාය විඤ්ඤාණය
- සොමනස්සෙන්‍ද්‍රිය. (62)
| 1 | අසෝභන | සොමනස්ස අකුසල් | 4 | 6 | 62 |
| සොමනස්ස සන්තීරණ | 1 | ||||
| සොමනස්ස හසිතුප්පාද | 1 | ||||
| 2 | සෝභන. | කාම සෝභන | 12 | 56 | |
| මහග්ගත (1-4 ධ්‍යාන) | 44 | ||||
| 2. දුක්ඛ වේදනා (සිත් 3) | |||||
|---|---|---|---|---|---|
| 3 | දුක්ඛින්ද්‍රිය. 1 දුක්ඛ සහගත කාය විඤ්ඤාණය | 1 | 3 | ||
| 4 | දොමනස්සින්ද්‍රිය 2 දොමනස්ස දෝස මූල | 2 | |||
| 3. උපෙක්ඛා වේදනා (5) උපෙක්ඛින්ද්‍රිය (සිත් 55) | |||||
| 1 | අසෝභන. | උපෙක්ඛා අකුසල් සිත් | 6 | 20 | 55 |
| උපෙක්ඛා අහේතුක සිත් | 14 | ||||
| 2 | සෝභන. | උපෙක්ඛා කාම සෝභන | 12 | 35 | |
| උපෙක්ඛා මහග්ගත 5 ධ්‍යාන | 23 | ||||