වෙදනා සංග්‍රහය
වෙදනා යනු ආරම්මණ රසය විඳීමට කියන නමෙකි. වෙදනා භේදයෙන් චිත්ත චෛතසිකයන් බෙදා දැක්වීම වෙදනා සංග්‍රහය වේ.
හැම සිතක්ම අරමුණක් ගෙන උපදින බැවින්, ඒ අරමුණෙහි රසය විඳ ගැනීමේ ශක්තිය වූ වෙදනාව හැම සිතකම ඇතිවේ. අර මුණු නොයෙක් ආකාර බැවින් වෙදනාව ද ඒ ඒ අරමුණු ස්වභාවයට අනුව වෙනස් වේ.
සිත්හි යෙදෙන මේ වෙදනා චෛතසිකය දෙයාකාරයෙකින් බෙදා දක්වනු ලැබේ. එනම්
1. අනුභවන භේදය 2. ඉන්ද්‍රිය භේදය