අනුභවන භේදය
අරමුණු රස විඳ ගැනීම හෙවත් රස අනුභවනය කිරීමේ ආකාරයෙන් වෙදනාව ත්‍රිවිධාකාර වේ. එනම් සුඛ වෙදනාව, දුක්ඛ වෙද- නාව, උපෙක්ඛා වෙදනාව යනුයි.
ඉෂ්ටවූ ද, ප්‍රියමනාපවූ ද, කැමැතිවන්නාවූ ද, අරමුණක් හමු වූ කල්හි සිතෙහි පහළ වන්නා වූ සතුටු කරවන සැප ගෙන දෙන ස්වභාවය සුඛ වෙදනා නම් වේ. මේ සැප වෙදනා ඇති සිත් සියල්ල සැටතුනෙකි (63). එනම්
සොමනස්ස ලෝභ මූල සිත් 4
සුඛ සහගත කාය විඤ්ඤාණය 1
සොමනස්ස සන්තීරණය සහ හසිතුප්පාදය 2
සොමනස්ස කාම සොභන සිත් 12
ප්‍රථම ධ්‍යාන, ද්විතීයධ්‍යාන, තෘතීයධ්‍යාන චතුර්ථධ්යාන සිත් 44
63
අනිෂ්ටවූ ද, අප්‍රියවූ ද, අමනාපවූ ද, කැමැති නොවන්නාවූ ද, අරමුණක් හමු වූ කල්හි සිතෙහි පහළවන්නා වූ නොසතුට ඇති කරවන දුක ගෙනදෙන ස්වභාවය දුක්ඛ වේදනා නම් වේ. මේ දුක්ඛ වේදනා ඇති සිත් තුනෙකි. එනම්
දොමනස්ස දොසමූල සිත් 2
දුක්ඛ සහගත කායවිඤ්ඤාණය 1
3
අති ඉෂ්ට නොවූ, ඉෂ්ට මධ්‍යස්ථවූ මැදහත් තරමින් ප්‍රියවූ කැමැති වන්නාවූ අරමුණක් හමුවූ කල්හි සිතෙහි පහළවන්නාවූ සැපත් නොවූ දුකත් නොවූ මැදහත් විඳීම් ආකාරය උපෙක්ඛා වේදනා නම් වේ. මේ උපෙක්ඛා වේදනා ඇති සිත් පස් පනසෙකි. (55) එනම්.
උපෙක්ඛා සහගත අකුසල් සිත් 6
අහේතුක උපෙක්ඛා සහගත සිත් 14
උපෙක්ඛා සහගත කාම සෝභන සිත් 12
උපෙක්ඛා සහගත පඤ්චමධ්‍යාන සිත් 23
55