සොමනස්ස හසිතුප්පාද සිත (5)
රහතන් වහන්සේලා ඇතැම් විට සිනහ පහළ කිරීමේ දී මේ අහේතුක ක්‍රියා සිත ඇති වේ. මේ සිතෙහි ඡන්දය හැර ඉතිරි දොළොස් (12) අන්‍යසමානයෝ ලැබෙන්නාහ. නොයෙදෙන චෛතසිකයෝ සතළිසකි. (40)
අහේතුක අටළොස් චිත්තයන්හි සංග්‍රහ නය පස මෙසේ දත යුතුයි. (211 පිටුව බලනු)
දෙපනස් (52) චෛතසිකයෝ, අසූනවයක් (89) හෝ එක්සිය විසි එකක් (121) ප්‍රභේද ඇති සිත්හි යෙදෙන ආකාරය දක්වන සම්ප්‍රයෝගනය ද, ඒ ඒ සිත්හි යෙදෙන චෛතසිකයන් දක්වන්නා වූ සංග්‍රහනය ද මෙසේ සංක්ෂේපයෙන් දැනගත් හෙයින්, සඞ්ඛ්‍යා වශයෙන් චෛතසිකයන්ගේ යෙදීම දැක්වීමට මෙහි පහත දක්වන චක්‍රය ප්‍රයෝජන වත් වේ. (215 පිටුව බලනු)
එක්සිය විසි එක් (121) චිත්තයන්හි, ඒ ඒ චෛතසිකයන් යෙදෙන සැටි බලා ගැනීමේ පහසුව සඳහා මෙහි පහත දැක්වෙන චක්‍රය සකස් කරණ ලදී. (216 පිටුව බලනු)
දුතිය පරිච්ඡේදය නිමි.
| නය | අහේතුක සිත් | යෙදෙන චෛතසික | නොයෙදෙන චෛතසික | |||
|---|---|---|---|---|---|---|
| 1 | දෙපස් විඤ්ඤාණයෝ | සබ්බචිත්ත සාධාරණ | 7 | ප්‍රකීර්ණක | 6 | 45 |
| අකුසල, සොභන | 39 | |||||
| 2 | මනොධාතුත්‍රිකය සහ අහේතුක පටිසන්ධි යුගලය | ඡන්ද, පීති, විරිය හැර ඉතිරි අන්‍යසමාන | 10 | ඡන්ද, පීති, විරිය | 3 | 42 |
| අකුසල, සොභන | 39 | |||||
| 3 | සොමනස්ස සන්තීරණය | ඡන්ද, විරිය හැර ඉතිරි අන්‍යසමාන | 11 | ඡන්ද, වීරිය | 2 | 41 |
| අකුසල, සොභන | 39 | |||||
| 4 | මනොද්වාරාවජ්ජන සිත | ඡන්ද, පීති හැර ඉතිරි අන්‍යසමාන | 11 | ඡන්ද, පීති | 2 | 41 |
| අකුසල, සොභන | 39 | |||||
| 5 | හසිතුප්පාදය | ඡන්දය හැර අන්‍යසමානයෝ | 12 | ඡන්දය | 1 | 40 |
| අකුසල, සොභන | 39 | |||||