අභිධර්මාර්ථ ප්‍රදීපිකා

මනෝද්වාරාවජ්ජන සිත (4)

මෙයට වොට්ඨපන සිත යයි ද කියනු ලැබේ. මේ සිත උපෙක්ඛා සහගත බැවින් ප්‍රීතිය නො යෙදේ. එවිට ප්‍රීතියත් ඡන්දයත් හැර අන්‍යසමාන එකොළොස්දෙනා (11) ලැබෙන්නේය. නොලැබෙන්නේ ඉතිරි වූ සතළිස් එකක් (41) චෛතසිකයෝ ය.