අභිධර්මාර්ථ ප්‍රදීපිකා

මනොධාතුත්‍රිකය හා අහේතුක පටිසන්ධි යුගලය (2)

සම්පටිච්ඡන දෙසිත හා පඤ්චද්වාරාවජ්ජනය යන මනොධාතුත්‍රිකයෙහි ද, උපෙක්ඛා සහගත සන්තීරණ දෙසිත නම් වූ අහේ තුක පටිසන්ධි යුගලෙහි ද ලැබෙන්නේ සබ්බචිත්ත සාධාරණ සත් දෙනා සහ විතක්ක, විචාර අධිමොක්ඛ යන ප්‍රකීර්ණක තිදෙනාත් යන චෛතසික දසය පමණකි. ඉතිරි වූ ප්‍රකීර්ණක තිදෙනාත්, අකුසල සහ සෝභන චෛතසිකයෝත්, යන දෙසාළිස් (42) චෛතසික, මේ සිත් පසෙහි නො යෙදෙන්නාහ.