අභිධර්මාර්ථ ප්‍රදීපිකා

දෙපස් විඤ්ඤාණයෝ (1)

චක්ඛුවිඤ්ඤාණ, සෝතවිඤ්ඤාණ, ඝාණවිඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ යයි අකුසල විපාක, කුසල විපාක වශයෙන් විඤ්ඤාණ සිත් පස බැගින් දසයක් වේ. මේ දෙපස් විඤ්ඤාණයෝ ඉතාමත් ම දුර්වල විපාක සිත් බැවින් සබ්බචිත්ත සාධාරණ චෛතසික සත පමණක් ඒ සිත්හි යෙදෙන්නාහ. ඉතිරි පන්සාළිස් (45) චෛතසිකයෝ නො යෙදෙන්නාහ.